රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය මාරුකිරීම යට සිටින ව්‍යාපාරික දේශපාලුවා…

0
86
රේගු අධ්‍යක්ෂ ජනරාල් මාරු කිරීමට හේතුව බීඩි ඔතන කොළ, ග්ලයිෆොසෙට්, ගම්මිරිස්, කරුන්කා

රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ සිටින පී.එස්.එම් චාල්ස් මහත්මියගේ නිර්භීත තීරණ වල ප්‍රතිපලයක් වශයෙන් ලංකාව තුල එතෙක් මෙතෙක් සිදුවූ බැදුම්කරයටත් වඩා විශාල, බිලියන 16ක රේගු බදු වංචාවක සුල මුල සොයාගැනීමට හැකි වුනා.

පී.එස්.එම් චාල්ස් මහත්මියගේ ඉවත කිරීමට විරුද්ධව පසුගිය 29 වෙනිදා ශ්‍රී ලංකා රේගු නිලධාරීන් ආරම්භ කල වෘතීය ක්‍රියාමාර්ගය සමග දේශපාලන බලපෑම් හමුවේ රේගුව තුල සිදුකරන විශාල වංචා රැසක් දැන් මහජනතාවට හෙළිවී තිබෙනවා. රේගු නිලධාරීන්, රජයේ වෛද්‍ය නිලධාරීන්, ජාතික වෘතීයකයන්ගේ පෙරමුණ එකතුවී මෙවැනි දේශපාලන බලපුළුවන්කාරකම් වලට විරුද්ධව එකා සේ නැගීසිටිමට අත්වැල් බැඳගෙන තිබෙනවා.

මහජනතාව නොදන්නා දේශපාලකයින් එකතුවී වසන් කරන මෙම සිද්ධීන් එකෙන් එකට ලොවටම හෙළි කරන්න රේගු මාණ්ඩලික සංසදයේ උප ලේකම් සුදත් ද සිල්වා මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ඉදරිපත් වුනා.

“පසුගිය දිනවල ගම්මිරිස් ගොවියෝ පාරට බැස්සා. රුපියල් 1,800 තිබ්බ කිලෝව දැන් රුපියල් 600ට අඩුවෙලා. ගොවීන්ට තම තොග විකුණා ගැනීමට හැකියාවක් නැහැ. ඉන්දුනීසියානු සහ මැලේසියාවේ ගම්මිරිස් අතිරික්තය ප්‍රතිඅපනයනයට යනුවෙන් ගෙන එනවා. මෙවැනි ගම්මිරිස් කන්ටේනර් 143ක් රටේ එක්තරා ප්‍රධාන සමාගමක ගුදමේ තැම්පත් කර තිබුනා. එය ගම්මිරිස් මෙට්‍රික් ටොන් 2800.

ඉන්දියාවේ වෙළද ගිවිසුම අනුව තීරුබදු රහිතව ලංකාවේ ගම්මිරිස් අපනයන කරන්න පුළුවන්. ලංකාවේ ගොවියාගේ ගම්මිරිස් වලට කොකා පෙන්වා සම්පූර්ණ තීරුබදු සහනය අර ගෙන්වන ගම්මිරිස් වලට ලබා ගන්නවා. මේ පිළිබඳව රේගු නිලධාරීන් පරීක්ෂණයක් කරනවා. මෙන්න මේ දේශපාලකයා අධ්‍යක්ෂ ජනරාල්වරියට මෙම පරීක්ෂණයට සම්භන්ධ නිලධාරීන් මාරු කරන ලෙස බලපෑම් කරනවා. එතුමිය දෙපැත්තකට හිරවෙලා. රේගු සමිති මෙම බලපෑම් වලට යටත් වෙන්නේ නැහැ.

දැන් ලොකුම වංචාව තමයි බීඩි ඔතන කොළ. ලංකාවේ වැඩිම තීරුබදු පනවා තිබෙන්නේ මෙන්න මේ බීඩි ඔතන කොළ වලට. මේ වංචාව සිදු කරන්නේ ඔය කියන එකම පිරිස. ලංකාවේ තහනම් කරලා තියෙන ග්ලයිෆොසෙට් හොරෙන් ගෙන්වන්නේ මේ පිරිසම තමයි. මේවා පිලිබදව පරීක්ෂණ කරන නිලධාරීන් මෙයාලා කියන කියන විදිහට මාරු කරන්න අවශ්‍යයි. එහෙම කරේ නැත්නම් අධ්‍යක්ෂ ජනරාල් අයින් කරනවා. මේ ආණ්ඩුවේ පස්වෙනි රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා තමයි මේ ඉන්නේ.”

කවුද මේ දේශපාලකයා? අමාත්‍ය රිෂාර්ඩ් බදුදීන්. දැනට ලංකාවේ සීග්‍රයෙන්ම දියුණු වෙන බිස්නස්කාරයා කීවොත් නිවැරදි. නීතිය තමන්ගේ අවශ්‍යතාවයට මුසිලිම් ඡන්ද වලට මුවා වෙලා දේශපාලන බලපුළුවන්කාරකම් වලින් පදමට නමා ගන්නා දේශපාලනඥයා. අප විසින් හෙළිදරව් කරගත් ආකාරයට මෙම ගම්මිරිස් වංචාව සිදු කරන්නේ Hayleys සමාගම මාර්ගයෙන්. මෙරටට ගෙන්වන ලද සියලුම ගම්මිරිස් තොග Hayleys ගුදමේ තැම්පත් කර තිබුන බවට වාර්තා වුනා.

# මේ කාලීන සටහන, FB සමාජ ජාලයෙන් උපුටාගත් බව කරුණාවෙන් සලකන්න…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here