භාතිය-සන්තුෂ්ගේ ‘ඔබ නිසා’ ප්‍රසංගයේ දී “ඔහු නිසා” නෙළුම් පොකුණ අත්පොළසනින් ගිගුම් දුන් වගයි…

0
179

පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ කොළඹ නෙලුම් පොකුණ රඟහලේ සංවිධානය කර තිබූ වැඩසටහනකදී අපූරු හා වැදගත් සංඥා කිහිපයක් නිකුත් වූ සිදුවීම් කිහිපයක්ම වීය. ශ්‍රී ලංකාවට ප්‍රසිද්ධිය ගෙන ආ ගායක දෙපළක් වන භාතිය සහ සන්තුෂ් ඔවුන්ගේ 20 වැනි සංවත්සරය වෙනුවෙන් ‘ඔබ නිසා’ යැයි නම් කර ප්‍රසංගයක් එහි සංවිධානය කර තිබිණ.

වැඩසටහන ආරම්භවීමට මත්තෙන් එහි පැමිණ සිටි අති විශේෂ අමුත්තෝ රංගශාලාවට පිවිසීමට ප්‍රථමයෙන් ඔවුන් වෙනුවෙන්ම වෙන්ව තිබූ කාමරයක අසුන්ගෙන සිටියහ. ජනපති සිරිසේන මහතා, තිලංග සුමතිපාල සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා එම කාමරයේ තිබූ දිගු සෝෆාවක අසුන්ගෙන සිටියහ.

අගමැති වික්‍රමසිංහ සිටියේ වෙනම පුටුවකය.

මහින්ද රාජපක්ෂ වෙනුවෙන් වෙන් කර තිබූ පුටුව හිස්ව තිබිණ. ඔහු පැමිණ සිටියේ නැත.

ඒ අවස්ථාවේදීම එතැනට පැමිණියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ න්‍යායාචාර්ය බැසිල් රාජපක්ෂ ය. සිය සොහොයුරු මහින්ද වෙනුවෙන් වෙන්කර තිබූ පුටුවේ ඔහු අසුන් ගත්තේය.

වික්‍රමසිංහ මහතා දෙසට හැරුණු ඔහු, ඇයි ඔබලා නිතරම ස්ථාවර නියෝග අහෝසි කරන්නේ? යැයි විමසුවේය. ඔහු එය පැනය නැගූයේ ව්‍යවස්ථා කවුන්සිලයේ රැස්වීම් සම්බන්ධයෙන්ය. අගමැතිවරයා පිළිතුරු දෙමින් එම රැස්වීම් සදහා වන ක්‍රියාපටිපාටිය දැනටමත් සකස් කර තිබෙන බව පැවසුවේ ය.

ඔහු අනතුරුව නව ව්‍යවස්ථාව ගැන සඳහනක් කරමින්, මගේ යෝජනා මුකුත් නැහැ යැයි කීවේය. එය එක්සත් ජාතික පක්ෂයේ කෙටුම්පතක් නොවන බව වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය. සංවාදයට සවන්දීගෙන සිටි ජනපති සිරිසේන මහතා නිහඬවම සිටියේ ය.

ප්‍රසංගය ආරම්භ වූ පසු සිංහල බසින් නිවේදනය කරමින් සිටි නිවේදකයා පැමිණ සිටි අමුත්තන් හඳුන්වාදුන් අතර, මහින්ද රාජපක්ෂ මහතා පැමිණෙමින් සිටින බව කීවේය. විපක්ෂ නායකයා පැමිණි පසු ඉංගි්‍රීසි බසින් නිවේදනය කරමින් සිටි නිවේදකයා, දැන් ඔහු ප්‍රේක්ෂකයින් අතරට පැමිණ සිටින බව නිවේදනය කළේය. මුලු ප්‍රේක්ෂකාගාරයම ඔල්වරසන් දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here