Fill-t හසිනි සැමුවෙල් කුණුහරුප වීඩියෝව යූ ටියුබයෙන් පැන්නූ කතාව බොරුවක්…

0
871

රැප් ගායන ශිල්පී Fill-t සහ නිරූපණ ශිල්පිනී හසිනි සැමුවෙල් විසින් මෑතකදී යූ ටියුබ් වෙත මුදාහරින ලද ගීත වීඩියෝව එම අඩවිය විසින් අවහිර කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇතැම් මාධ්‍ය කර ඇති සඳහන වැරදි බව අපගේ පාඨකයෝ කියති.

වීඩියෝවේ අසභ්‍ය ලිංගික දර්ශන ඇතුලත් වේ යැයි මෙරට නරඹනන්නන් විසින් විශාල වහයෙන් කරන ලද පැමිණිලි මත මෙසේ අවහිර කර ඇති බවට පුවත් පලවී තිබේ.

දින කිහිපයක් තුල එම වීඩියෝව ලක්‍ 10ක (නමුත් අද වනවිට එය 1,812,296 ක් නරඹා ඇත) පමණ ප්‍රමාණයක් නරඹා තිබූ අතර, ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් අප්‍රසාදය පළ කරද්දී ප‍්‍රසාදය පල කර තිබුනේ ඉතා සුළු පිරිසකි යනුවෙන් ද ඒ පුවත් වාර්තාවල දැක්වෙයි.

මෙම අවහිර කිරීම සම්බන්ධයෙන් Fill-t සිය ෆේස්බුක් ගිනුමේ සඳහන් කර තිබුනේ යූ ටියුබයෙන් ඉවත් කළද මෙය අන්තර්ජාලයේ ප‍්‍රසිද්ධ අසභ්‍ය වෙබ් අඩවියකට එක් කළ බවයි.

****

ටික වේලාවකට පසු ඔවුන් විසින් නැවත සදහන් කර ඇත්තේ යූ ටියුබයේ තහනම සාකච්ඡා කර ඉවත් කර ගත් බවයි.

එමෙන්ම හසිනි සැමුවෙල්ද සඳහන් කර තිබුණේ තමන් මෙතනින් නැවතිය නොහැකි බවත් තවත් මෙවන් වීඩියෝ එළිදක්වන බවත්ය.

මේ වනවිට ශ්‍රී ලංකාවේ ද ප්‍රකට Noize TV   විසින් (Published on Dec 28, 2018 ලෙස) පල කර ඇති වීඩියෝව ඒ ලෙසම (2019 ජනවාරි 10 පෙරවරු 10 වනවිටත්) දර්ශනය වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here