ආර්නි පියටොෆ් සහ BBS අතර ඇති සම්බන්ධය ඩිලන්ත විතානගේ පහදයි

0
320

ඩිලන්ත විතානගේ යනු කවරෙක් දැයි, තත්කාලීන සමාජ ආර්ථික තලයේ විමසුම් ඇසින් සිටින්නන්ට අලුතෙන් හඳුන්වා දිය යුතු අයෙක් නොවේ. එහෙත් වත්මන් අන්තර්ජාල ක්‍රියාකාරී සමූහයන් පවත්වාගෙන යන හා එහි මතගැටුම් ඇති කරන සමහරක් දෙනාට, මේ ඇතැම් සංධිස්ථාන කෙරෙහිවන දැනුමේ ඇති උච්චාවචනයන් හේතුවෙන් යම් යම් කරුණු අලුතෙන් පැහැදිලි කළ යුතු මට්ටමක පවතින බවද කිව යුතු ය. ඒ කෙසේ වෙතත්, මෑත කාලයේ දැඩි ආන්දෝලනාත්මක චරිත කිහිපයක් කල එළි බසින බොදු බල සේනා සංවිධානය හා ආචාර්ය ඩිලන්ත විතානගේ අතර සම්බන්ධය පිළිබඳව විවිධ කතා ලියලන්නට පටන්ගෙන සෑහෙන කාලයකි. මේ කාල අන්තරය තුල අප ද, තවත් පුවත් මාධ්‍ය ගණනාවක් ද විටින් විට මොවුන් සම්බන්ධ තොරතුරු පළ කර ඇත. පලකරමින් තිබේ.

අද වනවිට ඒ කතාබහ යළිත් අලුත්වී ඇති අයුරු දක්නට ලැබුණි. සමාජ ජාලා පරීශීලනයේ දී නෙත ගැටුණු එවන් අදහසක් මගහැර යාමේ හැකියාව පුරවැසි මාධ්‍ය භාවිතයක නියැළෙන අපට නොවටිනා තරම් ය. එබැවින්, එසේ නෙත ගැටුණු සටහන, මෙසේ ඔබ හමුවේ තබමු. ආචාර්යය ඩිලන්ත විතානගේ, තම සටහනට මාතෘකාව යොදා තිබුණේ “මනුස්සකම හා තිරිසන්කම” යි. ඔහු මේ පිළිතුර සපයන්නේ, “නොවෙජියන් ආනි බොබසෙ දිලන්ත ගිය අවුරුද්දේ ඩෙන්මාර්ක් සංචාරයට පෙර පැවැත්වූ constrictive journalism වැඩමුළුව අතර…” යනුවෙන් Chaminda Jayasuriya නමැත්තෙක්, මුහුණු පොතට යොදා තිබූ සේයාරුවක් ද සමගයි.

මනුස්සකම හා තිරිසන්කම

ආර්නි ෆියටොෆ්ට් හා නොර්වේ සමඟ දිලන්ත විතානගේ වන මගේ සම්බන්ධයට ඇති තරම් මඩ ගසා සතුටු වන්න…

මට කිසිදු ගැටලුවක් නැත.

එහෙත් පොදු ජනතාව නොමග යැවිම සුදුසු නොවන බැවින් මගේ කාලය කා දමමින් පිළිතුරු දිමට සිදු වේ.

මට, ඤාණසාර හිමිට හා බොදු බල සේනාවට ගසන මේ මඩ හැකි තරම් share කර මේ ලෙඩ්ඩුන්ව සතුටු කරන්න..

මානසික රෝගීන්ට අනුකම්පා කළ යුතුය…

මට මඩ ගහන අයට මෙයින් සතුටක් ලැබී සිය රෝග සුව වන්නෙ නම් සතුටකි..

සියලු දෙයට නෝර්වේ නම් බිල්ලෙකු මවා සිංහල බෞද්ධ මිනිසුන් රැවටීමට ඉඩ නොදිය යුතුය…

නිවැරැදි තොරතුරු නොමැතිව හුදෙක් නෝර්වේ, ඇමරිකා, ඉන්දීය හා කුමන්ත්‍රණ කතා පිළිනොගැනිමට අප සිංහල බෞද්ධයන් බුද්ධිමත් ව්ය යුතුය..

ආනි ෆියටොෆ්ට් මගේ හිතවතෙකි. එය මා ප්‍රසිද්ධියේ කියන්නෙමි. 1967 දී අප රටට ආ මේ නෝර්වේ ජාතිකයාට මම පියෙකුට මෙන් ගරු කරමි.

ඩඩ්ලි සේනානායක..සිරිමා බණ්ඩාරනායක..ජේ ආර්. ජයවර්ධන.. ආර්. ප්‍රේමදාස , ගාමිණී දිසානායක.. යන නායකයින් සම්පව ඇසූරු කළ මොහු රනිල්, චන්ද්‍රිකා යන නායකයින් ද හොඳින් දනී.

මහින්ද , බැසිල් රාජපක්ෂ යන .. නායකයින්ද දනී.. ඔහු මා සමඟ ම ඔවුන් හමු වී ඇත..ඔවුන්ගේ කටයුතුවලට ද යම් උපකාර කර ඇත.

සුනාමි අවස්ථාවේ, මුලින්ම ධීවරයන්ට අරලියගහ මන්දිරයේ දී නොමිලේ ඔරු හා ආම්පන්න ලබා දුන් බව මහින්ද රාජපක්ෂ ..මහතාට හොඳට මතක තිබිය යුතු ය.

මම එවිට, ජනාධිපති කාර්‍යාලයේ සුනාමි මෙහෙයුම් භාරව කටයුතු කළෙමි.

ලලිත් වීරතුංග ද ඇතුලු රාජ්‍ය සේවකයින් බොහෝ දෙනෙක් ආර්නි හා සම්බන්ධ තිබූ රාජ්‍ය සේවක පුහුණු ආයතනයේ සේවය කර ඇත. ආර්නි හොඳින් දනී.

විමල් වීරවංශ ද ඔහු 2001 දී හමුවීමට කැමති වී යම් දුරක් ඔහු හමු වීමට පැමිණ, පසුව විමල් දුරකථනයෙන් කතා කොට පක්ෂයෙන් ගැටලුවක් නිසා හමු විය නොහැකි බව දන්වන ලදී.

දශක කිහිපයකට පෙර හිටපු අමත්‍ය ජෝර්ජ රාජපක්ෂ මහතා මිය යාමට පෙර සතියේ, ආර්නි සමග නෝර්වේ ගත කර ඇත.

හිටපු ධීවර අමාත්‍ය විජේසිංහ මහතා සමඟ මා අමත්‍යංශයේ දී ආර්නි සමඟ හමු වී ඇත. මේ රටේ සියලුම ධීවර ඇමතිවරු වාගේ ආනි සමඟ වැඩ කර ඇත.

සීනොර් පදනම නම් රාජ්‍ය ආයතනය ඔහු ආරම්භ කරන ලදී.

කතනායක කරූ ජයසූරිය ඇතුලු බොහෝ නායකයින් ඔහු සමඟ කටයුතු කර ඇත.

සුසිල්, බන්දුල, රාජිත,මංගල, රවී. ඇතුලු බොහෝ දෙනෙක් මා සමඟ ආර්නි හමු වී ඇත.

බොහෝ දෙනා ඔහුගේ උපදෙස් හා උදව් ලබා ඇත..

ආමාත්‍ය සරත් අමුනුගම ඔහුගේ හොඳ හිතවතෙකි..

කෙසේ වෙතත් ආනි මගේ හිතවතෙකි… ඔහු නිරාගමික වුවත් හොඳ බෞද්ධ ගති ඇති, කිසි දිනක් සිගරට් දුම් වැටි. මත්පැන් භාවිත නොකළ..මස් අනුභවය නොකරන මහතෙකි…
මහු නෝර්වේ වීම මට ගැටලුවක් නොවේ..
ඔහු හොඳ දියුණු මනුස්සයෙකි.

මනුෂ්‍ය ලෙස ඉපදි සත්වයන් ලෙස ජීවත්වන, අනුන්‍ට මඩ ගසන, හොර-බොරු කරමින් ජීවත්වන බොහෝ අයට ආදර්ශ ගත හැකි මහතෙකි ආර්නි.

මට මඩ ගසන්නට යොදා ගන්නේ මා ප්‍රසිද්ධ කර ඇති පින්තුරය වීම, මේ මඩ ගසන සත්වයින්‍ට නොතෙරෙන තරම් ඔවුන් බුද්ධියෙන් දුප්පත්ය.

මේ පුද්ගලයින්ගේ මොළවල පමණක් නොව හදවත් වලද ඇති ඊර්ෂ්‍යා, ක්‍රෝධය ආදී නුගුණ සුව වේවා..!

මෙය මා විසින් පවත්වාගෙන යන Constructive Journalism FB පිටුවේ පැහැදිලි දක්වා ඇත..මට කළ හැක්කේ මානසික රෝගීන්ට අනුකම්පා කිරීම පමණි.

– ඩිලන්ත විතානගේ –

Dear ArneWish you a happy, long, healthy lifeConstructive Journalism ForumSri Lanka

Posted by Constructive Journalism on Tuesday, March 27, 2018

නොවෙජියන් ආනි බොබසෙ දිලන්ත ගිය අවුරුද්දේ ඩෙන්මාර්ක් සංචාරයට පෙර පැවැත්වූ constrictive journalism වැඩමුළුව අතර…..

Posted by Chaminda Jayasuriya on Friday, June 1, 2018

ආර්නි ෆියටොෆ්ට් හා නොර්වේ සමග දිලන්ත විතානගේ වන මගේ සම්බන්ධයට ඇති තරම් මඩ ගසා සතුටු වන්න…මට කිසිදු ගැටලුවක්…

Posted by Dilanthe Withanage on Friday, June 1, 2018

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here